Monday, August 8, 2016

වැව් කණ්ඩිය








වැව් තලය පිසගෙන හමා ආපු සීතල සුළං රැල්ලේ රැදිලා තිබ්බේ සමන් පිච්ච මල් සුවදක්...

පිච්ච මල් පූජාව එදාට යෙදිලා තිබ්බ හින්දා ගමේ හැමෝම වගේ එකට සහභාගි වෙන්න පූජා නගරෙට ගිහින් තිබුණා. සිරිපාලට නම් එදා දවස රජ මගුල්. සිරිපාල රස්සාව විදිහට කරේ ත්‍රීවීල් දුවපු එක. මුල් කාලේ මිනිහටම කියල ත්‍රීවිල් එකක් තිබ්බේ නැති උනාට වික්‍රම මහත්තයාගේ ත්‍රීවිල් එක හයර් කරලා ඉතුරු කරගත්තු සල්ලි වලින් ලීස් කරලා මිනිහ කොහොමහරි ත්‍රීවිල් එකක් ගත්තා. ඒක ගත්තු මුල් කාලේ කුසුමාවයි කෙලීවයි දාගෙන මිනිහ ගම වටේම ගියේ හෙන උජාරුවෙන්....

ත්‍රීවිල් එක අරං මාස දෙකක් ගියේ නෑ කුසුමා අක්ක එහා ගමේ මිනිහෙක් එක්ක පැනලා ගියා. ගහෙන් වැටුණු මිනිහට ගොනා අන්න වගේ මේ සිද්ධිය වෙලා මාසයක් යන්න කලින් සිරිපාල  අයියගෙ කෙලී ගමේ රස්තියාදුකාරයෙක් හින්දා බඩ උනා. මේ සිද්ධි දෙක සිරිපාල අයියගෙ මුළු ජීවිතේම කණපිට හැරෙව්වා.
හොදට හිටපු මිනිහා ඊට පස්සේ අමු බේබද්දෙක් උනා. ත්‍රීවිල් එක දුවලා හම්බෙන තුට්ටු දෙක ඊට පස්සේ ඉදන් ගියේ කසිප්පු නිමල්ගේ සාක්කුවට එහෙමත් නැත්නම් ටවුමේ බාර් එක අයිති නානාගේ සාක්කුවට.......

අද......


ගමේ මිනිස්සුන්ගෙන් වැඩිපුර හයර් සෙට් උන දවසක්.......

සරු දවසක්..............

සිරිපාල හවස බාර් එකට ගිහින් හොදටම සප්පායම් උනා. මදි පාඩුවට තව බෝතල් බාගෙකුයි බයිට් එකට බැදපු මාළු කූරි කිපදෙනෙකුයිත් අරගත්තා.බීපු තරම හින්දා පාර යන්තමට වගේ බොද වෙලා පෙනුනත් මිනිහ ස්ටාර්ට් කරපු ත්‍රීවිල් එක තාර පාරට හැරෙව්වා.

තාර පාර දිගේ ආපු සිරිපාල අයියගෙ රතු පාට ත්‍රීවිල් එක අටේ කනුව පහුවෙලා ටික දුරක් ගියාම හම්බෙන ගුරු පාරට හැරෙව්වා. වැව් කණ්ඩිය උඩින් වැටිලා තිබ්බ පාර පටන් ගන්න තැනම තිබුනේ ලොකු සුදු කොඩියක්.

මීට දවස් දෙක තුනකට කලින් වැවේ ගිලිලා මියදිච්චි නාලකවත් අනුෂාවත් මේ වෙනකොට ගමේ හැමෝටම අමතක වෙමින් තිබ්බා.

 නාලක රස්සාව විදිහට කරේ ගාමන්ට් රස්සාව. ගමේ ඉදන් කොළඹ ගාමන්ට් ෆැක්ටරියක වැඩට යනකොට නාලකට යන්තම් දැලි රැව්ල ආවා විතරයි. ගෙදර දොර තිබ්බ ප්‍රශ්න නාලකව තවත් ඉගෙනගන්න එකෙන් දුරස් කරා. රස්සාවට ගිය දවසේ ඉදන් නාලකට ඕන කරේ තමන්ට බැරි උන දේ මල්ලිටවත් කරලා දෙන්න.
මල්ලිගේ අධ්‍යාපනයට ඕනි හැමදෙයක්ම නාලක කරලා දුන්නා. රස්සාව කරන තැන හොදට වැඩ කරපු හින්දා ටික කාලෙකින්ම නාලකට ප්‍රමෝෂන් හම්බුනා. බාගෙට හදල තිබ්බ ගේත් හොදට හදාගන්න නාලකට පුලුවන් උනා. මේ කාලේදී තමයි නාලකට අනුෂාව හම්බුනේ. අනුෂා රුවන්වැලිසෑය ලග නෙලුම් මල් වික්කා.
කොචර අග හිගකම් තිබුනත් නාලකගෙයි අනුශාගෙයි ආදරේට කිසිම දෙයක් ප්‍රශ්නයක් උනේ නෑ. ගෙවල් වලිනුත් දෙන්නටම කිසිම ප්‍රශ්නයක් උනේ නැති හින්දා පුංචියට වෙඩින් එකක් අරං ජීවිතේ පටන් ගන්න දවස් තුනකට කලින් තමයි මේ අවාසනාවන්ත සිද්ධිය උනේ.

අනුෂාට ඕන උනේ එදා උදේම නාලකත් එක්ක ඔරුවෙන් ගිහින් මල් නෙලාන ජය සිරි මා බොධීන් වහන්සේ වදින්න යන්න. උදේ පාන්දරම කාටත් හොරා සීතල වැව් තලේ ඔරුව හබල් ගාපු උන් දෙන්නා හීන මවන්න ඇති........ අනාගතේ ගැන....... ජීවිතේ ගැන.....කොච්චර දේවල් ද..........

 ඒත්................

 උදේ පාන්දර නාගන්න වැවට ගිය සිරිපාල අයියට හම්බුණේ උඩබැලි අතට පාවෙමින් තිබ්බ නාලකගේ ප්‍රාණය නිරුද්ධ සිරුර.... අනුෂාගේ මිනිය හොයාගත්තේ දවස් දෙකකට පස්සේ........ නාලකගේ අම්මගේ........... අනුෂාගේ අම්මගේ වේදනාත්මක කෑගැහිල්ල මුළු ගමේම හැමකෙනෙක්ගේම නෙතට කදුළක් ගෙනාවා.................

 පාර අයිනේ තිබ්බ ලයිට් කණුවේ හැප්පෙන් නැතුව යාන්තමට ත්‍රීවිල් එක හරවගත්ත සිරිපාලට වැව් කණ්ඩිය උඩින්  හමන හුළං පාරේ වෙනදා නොතිබ්බ අමුතු සීතලක් දැනුනා. බ්රේක් එකට තියන් හිටපු අතෙන් ෂර්ට් කොලර් එක හදාගත්තු සිරිපාල ත්‍රීවීල් එක තවත් රේස් කරේ වේගෙන් යන්න හිතාගෙන...

ඒ උනාට..........

 වැව කන්ඩිය ඉවර වෙන තැනම තිබ්බ මහ කුඹුක් ගහ යට ඉදන් සුදු ඇදගත්ත ජෝඩුවක් ත්‍රීවිල් එකට අත දානවා දැකල සිරිපාල ත්‍රීවිල් එකේ වේගේ අඩු කරා.

 "පූජාවට ගොහින් එන දෙන්නෙක් වෙන්නැ....... "

තමාටම කියාගත්ත සිරිපාල ත්‍රීවිල් එක කුඹුක් ගහ යට නතර කරා. මුණු දෙක හරියට පෙනුනේ නැතත් වෙනදටත් මේ විදිහටම කට්ටියව දාගෙන යන පුරුද්ද හින්දා සිරිපාලට වෙනසක් දැනුනේ නෑ.

"කොහේටද පුතේ යන්නේ...."

 සිරිපාල ටිකක් ගොතගැහුණු ස්වරයෙන් ඇහුවත් ත්‍රීවිල් එකට ගොඩ උන දෙන්නගෙන් කිසිම උත්තරයක් හම්බුන් නෑ. ඔලුව දෙපැත්තට හොලවපු සිරිපාල ත්‍රීවිල් එක රේස් කරා..... කලින්ටත් වඩා හිරි ගඩු  පිපෙන අමුතුම සීතලක්  සිරිපාලට දැනුනා. ඒත් එක්කම ආවේ පුදුම නෙලුම් මල් සුවදක්...........

 " පුදුම සීතලක් නේද පුතේ... හම්මේහ්......."

 සිරිපාල උරහිස් සලිත කරමින් කිව්වත් පිටිපස්සේ උන් දෙන්නගෙන් කිසිම ප්‍රතිචාරයක් ආවේ නෑ............

ත්‍රීවිල් එකේ හෙඩ් ලයිට් දෙකත් විනිවිද නොයන තරම් ඝණ මීදුම් දුමාරයක් පරිසරය වසා ගනිමින් පැතිර යමින් තිබ්බ හින්දා සිරිපාල ත්‍රීවිල් එකේ වේගේ ටිකක් අඩු කරා. එතකොට තමයි සිරිපාල දැක්කේ පාර දෙපැත්තේ ඇදලා තිබ්බ වේලිලා යමින් තිබ්බ ගොක් කොළ පේලි දෙක. මේ තමන් වෙනදා යන පාර නොවෙන වග සිරිපාලට වෙරි මතේ උනත් තේරුම් ගියා. පරුෂ වචනයක් කියමින් ත්‍රීවිල් එක නතර කරගෙන එලියට බැස්ස සිරිපාලට මීදුම් පටලය අතරින් උනත් වටේ තිබ්බ සොහොන් ගල් අදුර ගන්න පුලුවන් උනා.

මර හඩක් මුවින්  පිට කරන්න සිරිපාල උත්සහ කරත් කටින් කිසිම දෙයක් පිටවුනේ නෑ. ත්‍රීවිල් එකේ පිටිපස්සේ උන්නු යුවල එකිකෙකා තුරුල් වෙලා සොහොන් ගල් අතරින් පාවෙලා යනවා සිරිපාලට බොද වෙලා වගේ පෙනුනා.........


පසු කතාව :-

අනුශාගෙයි නාලකගෙයි එක ලග තිබ්බ සොහොන් කොත් දෙක ගාව සිහිසුන්ව වැටිලා උන්නු සිරිපාලව ගමේ මිනිස්සු හොයාගත්තේ පහු වෙනිදා දවල්....
ඊට ටිකක් එහා පැත්තේ නවත්තල තිබ්බ ත්‍රීවිල් එක සිරිපාල මහ රෑ කොහොම එතනට එළවන් ආවද
කියන්න කාටවත් පුළුවන් උනේ නෑ...
දවස් දෙකකට විතර පස්සේ කට්ටඩියෙක්ගේ පිහිටෙන් ගොඩ ආපු සිරිපාල කිව්ව කතාව ගමේ ගොඩක් අය විශ්වාස කලේ නෑ...... බීපු මිනිහෙක්ගේ විකාරයක් කියල අහක දැම්මා.....

ඒත්....

දෙතුන් පාරක්ම ගමේ කිහිප දෙනෙක්ම මේ සිද්ධියට මුහුණ පෑවට පස්සේ ගොම්මන් වෙලාවට වැව් කණ්ඩිය පැත්තේ යන්න කව්රුත් ඉදිරිපත් උනේ නෑ........

අදටත්.........

පිච්ච මල් පූජාව දවස් වලට ඒ දෙන්න ඉන්නවලු කුඹුක් ගහ යට....... තුරුල් වෙලා....... මේ ආත්මෙදි එක්වෙන්න බැරි උන වේදනාව හැමෝටම කියන්න බලාගෙන...........

Friday, August 5, 2016

පාපොච්චාරණය


අද මහ මූසල දවසක්.....අව්ව පොඩ්ඩක්වත් පොළවට වැටෙන්නෙ නැති වෙන විදිහට කළුම කළු මහ සද්දන්ත වළාකුලු වලින් මුලු අහසම වැහිලා තිබුණා......ඒ හිංදා මුළු වටපිටාවෙම තිබුනෙ මහ මූසල අඳුරක්......

පිටකොන්ද දිගේ මුළු ඇඟම හිරිවට්ටගෙන අමුතු හීතලක් ගලං ගියා.. වැස්සක් ලඟ එනකොට වෙනදට නං ගහකොළ සතා සීපාවා හැමෝම වැස්සට සූදානම් වෙනවා.....


 ඒත්... .
අද නං එහෙම ගතියක් තිබුනේ නෑ.මූසල අඳුරට ගුලිවෙලා හැමෝම ඔහේ හිටියා.....

ඔව්....


 වෙනදට මහ වැස්ස පිලිගන්න අත පය දිගඇරගෙන හිරිඅරිමින් නටපු එයාලා අද අතපය බැඳගෙන මුකුත් නොදන්න ගානට ඉඳියා......


 ඇඟ හිරිවට්ටන මහ ජරා හීතලත් එක්ක මුහුවෙච්ච අළු පාට ඝන මීදුම් දුමාරය මගේ වටේ පිරිලා තිබුනා.........


 අතේ තිබුන ලේ වලින් පෙඟිච්ච පිහිය ලඟ තිබුන පඳුරකට වීසි කරලා මං හීතලට ගුලිවෙලා ඉස්සරහටම ගියා........
මං ඉඳියෙ කන්දෙ උඩම......

ඔව්.....


එතන හදලා තිබුන කළු ගලෙන් බැන්ඳ වේදිකාව උඩට වෙලා පහලින් පේන ඉමක් කොනක් පේන්නැති මහ වනාන්තරය මීදුම් දුමාරයෙන් වැහිලා යන විදිහ මං මහා හිස් බැල්මකින් බලං ඉඳියා........
මීට කලින් කවමදාකවත් මං මෙතන්ට ඇවිත් තිබුන් නෑ.....

ඒත් අද......
අද ඒ දවස උදාවෙලා.......

කවමදාකවත් තමන්ට එකතුවෙන්න බැරි බව දැනගත්තු පෙම්වත්තු ඊලඟ ආත්මෙවත් එකතුවෙන්න පතාන මීදුමේ ඝනත්වය හොයන්න පියාඹන්නෙ මෙතනින්..... මං එනකොටත් එතනින් ගොඩක් අය එහෙම ගිහිං තිබුන හිංදද මංදා එතන මට කියන්න තේරෙන්නැති මහ අමුතු හැඟිමකින් පිරිලා තිබුනා......
මං ආවෙත් මීදුමේ ඝනත්වය හොයන්න.......
                                              ************************************
ඒ හැමදේටම ගතඋනේ පැය බාගයක් වගේ පුංචි වෙලාවක්. පැය බාගේ ඉවරවෙනකොට එයා අපේ අවුරුදු තුනක ආදර කතාවට තිත තියලා යන්නම ගිහිං...

කැම්පස් එකට එන තැනම තිබුන කොල පාට වතුර පිරුන පොකුනෙ බැම්මේ වාඩිවෙලා මං නිසලව තිබුන ජල තලයට ගලක් ගැහුවා.....කැම්පස් එකේ ඉඳපු නිශ්ශබ්දම පොරක් වෙච්චි මගේ ජීවිතේත් පොකුණෙ ජල තලේ වගේ වෙන්න යන වග මට ඉවෙන් වගේ තේරුනා..........
මේ සේරම සිද්දඋනේ ඌ නිසා වග මං දැනං හිටියා.... ඌව මතක්වෙන පාරක් පාසා මගේ ඇඟ ඇතුල පුච්චගෙන මොනවද යනවා වගේ මට තේරුනා.මට උන් දෙන්න ගැනම ඇතිඋනේ නිවෙන්නැති වෛරයක්.
මට මගේ දුක කියන්නවත් යාළුවෙක් ඉඳියෙ නෑ. මගේ මුළු ලෝකෙම වෙලා හිටියෙ එයා.

 ඔව්...


එයා විතරමයි. අඩු ගානේ යාළුවෙක් වෙනුවෙන්වත් කාලේ වෙන්කරන්න මට ඕන උනේ නෑ. එයා එක්කම හැම තප්පරේම ඉන්නයි මට ඕන උනේ...


ඉතිං.............


ඉතිං... ..............


ආපහු එයා නෑනේ............. 


ආපහු කවදාවත් නෑ..............


මාව පිච්චිලා ගියා.............


මං තීරණයක් අරං පොකුණෙ බැම්මෙන් නැඟිට්ටා.............!!!!!!!!!!!




Tuesday, April 5, 2016

මරණය අබියස



                කරුවල........ මගේ වටේම පිරිලා තිබුණා....ඇඟිල්ලකින් ඇහැට ඇන්නත් පේන්නැති තරං පට්ට ඝන කරුවලත් එක්ක මුහුවෙච්චි ජරා පිළී ගඳක් ආඝ්‍රාණ සෛල මත්කරගෙන උඩට ගියා..... මං ඉඳියෙ බිම.... ඔව්.. බිම වැතිරිලා..... ටික වෙලාවක් යනකොට මට තව සංවේදන එන්න පටං ගත්තා..... මුලිංම ඒක පටං ගත්තෙ පිටකොන්ද පැත්තෙන්.... මගේ ඇඟ වහං උන්නු හම හැමතැනකින්ම පිපිරිලා යනවා වගේ අධික වේදනාවක් ඇඟ පුරාම ඇදිලා ගියා...... මං මගේ ඔලුව උස්සන්න උත්සාහ කරා.... ඔලුවෙන් ගලාගියපු මොනවද ද්‍රවයක් කම්මුල යටිං ගලා ගිහිං කම්මුල ඒ සීතල සිමෙන්ති පොළවටම අලවලා තිබුණා..... මට තවත් සංවේදන ආවේ නෑ...... මුලු ඇඟම මට අයිති නෑ වගේ දැනුනා..... ටික වෙලාවක් යද්දි මගේ අවටින් තවත් ප්‍රාණින් කෙඳිරිගාන හඬවල් මිමිණුම් ඇහෙන්න ගත්තා.... වේදනාව දරාගන්න බැරුව මං හයියෙං කෑගැහුවා..... ඒත් මගේ මුවින් පිටවුනෙත් පුංචි කෙඳිරියක් විතරයි..... මං කව්ද........ මං සරසවි ශිෂ්‍යයෙක්........

                  ඒ 88 මැද කාලෙ වගේ...... ගමේ ඉස්කෝලෙන් සෑහෙන කාලෙකට පස්සෙ විශ්ව විද්‍යාලෙට තේරුණේ මං..... විභාගෙ පාස්වෙන්න කලිං ඉඳලම ලොකු හාමුදුරුවො මට මල්ලිලා නංගිලට විද්‍යාවයි ගණිතෙයි උගන්නන්න එන්න කියලා තිබුණා..... මාත් ගොඩක් ආසාවෙන් ඒ ඉල්ලීම පිලිගත්තෙ ඉගෙනගත්තු දේ අනිත් අයට කියලා දෙන්න මාත් ආස උන හිංදා.... ආපු කාගෙන්වත්  තඹ දොයිතුවක් ගත්තෙ නැතිවුනත් රෑට කුප්පි ලාම්පුව පත්තු කරන්න භූමිතෙල් ටිකක් පන්සල් වත්තෙ ගහකිං පොල් ගෙඩියක් එහෙම ලොකු හාමුදුරුවන්ගෙන් ලැබුණා..... මේ කාලේ රටේ ගොඩක් කලබල තිබුණා. තරුණ පිරිස් විශාල වශයෙන් සංවිධානය වෙලා රජයට එරෙහිව පෙලගැහිලා උන්නා....සරසවි ශිෂ්‍ය ප්‍රජාව වැඩි වශයෙන් මොවුන් එක්ක එකතුවෙලා හිටියා.... රජය මොවුන් මර්ධනය කරන්න අතිශය දරුණු ක්‍රමවේද යොදාගනිමින් හිටියා.....

                           විභාගේ පාස්වෙලා මං විශ්ව විද්‍යාලෙට තේරුණා කියලා දැනගත්තම මගේ අම්මට මාව නොයවා ඉන්න ඕන උනා. ඒකට ආසන්නම හේතුව උනේ අල්ලපු ගමේ ඉඳපු විශ්ව විද්‍යාල වරම් ලබපු අයියා හිටපු ගමං අතුරුදහන් උන එක... ආණ්ඩුව විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ව අතුරුදහන් කරනවා කියන මතය ගම හැමතැනම හොල්මං කලා.... ඒත් ලොකු හාමුදුරුවන්ගෙයි ඉස්කෝලෙ මහත්තයගෙයි දීර්ඝ කරුණු පැහැදිලි කිරිමකින් පස්සෙ අම්මගෙ හිත වෙනස් කරන්න පුළුවං උනා.... මං විශ්ව විද්‍යාලෙට ගියා......

                         මගේ ජිවිතේ වෙනස්වෙච්චි  දවස ටික ටික ලංඋනා.... ඔව් අමුතු කැප් එකක් දාගත්ත මූණ පුරා රැවුල වවපු කණ්නාඩි දාන හීන්දෑරි උස මනුස්සයෙක් එදා කෙලිං හිටවපු ලොකු බැරල් දෙකක් උඩ නැගලා ඇඟහිරිවැටිලා යන කතාවක් පැවැත්තුවා...... එදා ඒ කතාව අහපු මං දින කීපෙකට පස්සෙ ඒ බැරල් දෙක උඩම නැගලා කට්ටිය අමතන තැනට සෑමදෙයක්ම වෙනස් උනා. මගෙන් ඉගෙනගත්තු නංගිලා මල්ලිලාගෙත් දේශප්‍රේමි හැඟිම් අවදි කරන්න මට පුළුවං උනා.......

                              ****************

                         කෑගැහිල්ලක්......... අනුකම්පාව අයැදීමක්......... ලතෝනියක්........ මරහඬක්........ නිශ්ශබ්දතාවය....... ලෝහමය යමක් බිම වැටෙන හඬ.......... කොක්හඬලා සිනා පෑමක්..........

                         මං තාම හිටපු විදිහටමයි.... කොච්චර වෙලා මෙහෙම ඉඳියද මං දන්නෑ... තව ටිකකින් අර ඉරණම මටත් අත්වේවි..... මං බලාපොරොත්තුවෙන්........ අප්පච්චි කිතුලෙන් වැටිලා මියෑදුන දවසෙ ඉඳං මගේ පස්සෙං උන්නු මගෙ රත්තරං අම්මව මට මතක් උනා....... වේලිච්ච ඇස් කෙවෙනි කඳුළු ප්‍රතික්ෂේප කරා..... ඇඟපුරා  ඇදිච්චි වේදනාව ඉක්මවපු හිත් වේදනාව හදවත පලාගෙන දෝරෙ ගියා.....

                     මෙච්චර වෙලා අඳුරෙ තිබුණ මං උන්න තැන ටික ටික ආලෝකමත් උනා..... ඔළුව යංතම් ඒ පැත්තට හරවගන්න මට පුළුවං උනා..... විවර වෙච්ච දොරෙන් ඇතුලට එන යකඩ බම්බුවක් අතේ තියං උන්න රුවක් බොඳවෙලා වගේ මට පෙණුනා......